Lee Barnes (李恩思)
අපි කථා කරමු මම ගොඩක් කැමති සිහල වලින් කථා කරන්න. මක්නිසාද මම සිංහල වලින් කථා කරන එච්චර ලස්සන නැති කියල මම හිතනවා. හැබැයි මට ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා - මම මගේ account ඒකට මිනිස්සුන් එකතු කරා ගත්තම ඒ මිනිස්සුන්ට ඉංග්‍රීසි වලින් විතරක් කථා කරන්න ඕනෑ. ඒ නිසා මේ කොටුවේ ලියලා මට ටිකක් එපා වෙලා තියෙන්නේ. ඒක විතරක් නෙමෙයි - මම සිංහල වලින් ටයිප් කරපුහම සමහරු මට බැනලා කියනවා "උඹ බොරු කියනවා - උබ සිංහලයෙක් ඇති" කියලා. ඒ ගැන මක් කරන්නද? අනේ මේ.
Aug 29, 2014 12:50 PM
Corrections · 4
4


අපි කථා කරමු

අපි කතා කරමු


මම ගොඩක් කැමති සිහල සිංහල වලින් කථා* කරන්න.
මම ගොඩක් කැමතියි සිංහලෙන් කතා කරන්න.

මක්නිසාද මම සිංහල වලින් කථා කරන කරනවා (/කරන එක)  එච්චර ලස්සන නැති නැතුව ඇති (/නෑ) කියල මම හිතනවා.
මොකද මම සිංහලෙන් කතා කරනවා එච්චර ලස්සන නැතුව ඇති කියල මට හිතෙන නිසා.

හැබැයි මට ප්‍රශ්ණ* කිහිපයක් තියෙනවා - මම මගේ account ඒකට එකට මිනිස්සුන් එකතු කරා කර ගත්තම ඒ මිනිස්සුන්ට ඉංග්‍රීසි වලින් විතරක් කථා කරන්න ඕනෑ.
හැබැයි මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා - මම මගේ account එකට මිනිස්සුන් එකතු කර ගත්තම ඒ මිනිස්සුන්ට ඕන ඉංග්‍රීසිවලින් (ඉංග්‍රීසියෙන්) විතරක් කතා කරන්න. 

ඒ නිසා මේ කොටුවේ ලියලා මට ටිකක් එපා වෙලා තියෙන්නේ.
ඒක හින්දා මේ කොටුවේ ලියලා මට ටිකක් ඇති වෙලා තියෙන්නේ.

ඒක විතරක් නෙමෙයි - මම සිංහල වලින් ටයිප් කරපුහම සමහරු මට බැනලා කියනවා "උඹ බොරු කියනවා - උබ උඹ සිංහලයෙක් වෙන්න ඇති" කියලා.
ඒ විතරක් නෙමෙයි - මම සිංහලෙන් ටයිප් කරහම සමහරු මට බැනලා කියනවා "උඹ බොරු කියනවා. උඹ සිංහලයෙක් වෙන්න ඇති." කියලා.

ඒ ගැන මක් කරන්නද?
ඒකට මම මොනවා කරන්නද?

අනේ මේ.


*I have been taught to write those two words as කතා and ප්‍රශ්න, but I have seen some others use කථා and ප්‍රශ්ණ instead, in the same context. So I guess you can use either.. :/
But words like කථාව and කථිකයා definitely use this "ථ".

September 3, 2014
Want to progress faster?
Join this learning community and try out free exercises!